විජේවීරගේ පවුල සහ වමේ පවුල

Posted: September 22, 2015 in Uncategorized

12037802_939731269431773_556026516_o

විජේවීරගේ පවුල විදේශ ඇමතිට දාපු ලියුම ගැන දැන් හුඟක් අය කතා වෙනවා. ඒ ලිපියට අනුව නම්,
‘ විජේවීර සහ ජවිපෙ සිදුකළ ඝාතන වලට විජේවීර පවුලේ අනෙක් අය දුක් විඳිය යුතු නැහැ’
‘තමන්  කිසිදිනක දේශපාලන ක්‍රියාකාරිකයකු හෝ අනුගාමිකයකු ලෙස කටයුතු කර නොමැත’
‘ ලංකාව තුළ රැදී සිටීමෙන් තමන්ට හා දරුවන්ට බහුතරයක් ශ්‍රීලාංකිකයන්ගේ චින්තන රටාව මත අනර්ථයක් සිදුවීමට හැකි නිසා එංගලන්තයට යාමට පහසුකම් සපයා දෙන්න’
මේ ඉල්ලීම චිත්‍රා මහත්මිය සිදුකරන්නේ විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු වගකිව යුත්තන්ගෙන්. එහෙමත් නැත්නම් ලිබරල් ඔළුගෙඩි තියන ඒ විදිහට හිතන , පතන, වැඩ කරන මහත්වරුන් ගෙන්.
කොහොම හරි ලිපිය පිළිබඳ කතා බහ ජනගත වීමත් සමග අපේ වම්මු මේ ගැන කතා කරන්න ගත්තා. ඒ ලිපිය ප්‍රසිද්ධවීමේ මොහොත වම තේරුම් ගන්නෙ තමන් විජේවීරගේ පවුල ගැන බලලා නෑ  සහ ජනතාව තමන් දිහා වැරදි විදිහට බලයි වගේ අර්ථයකින්. නැතිනම් වමේ ඇගයුම් කියලා මේ අය කරේ තියාගෙන ඉන්නෙ ධනවාදී වික්ටෝරියානු ඇගයුම්. මේවා ඇත්තටම නම් 60 දශකයේ ප්‍රංශයේ  සහ යුරෝපයේ රැඩිකල් තරුණ ව්‍යාපාර විසින් කුඩු කරපුවා.
කොහොම නමුත් ඉහත ඇගයුම් කරේ තියාගෙන සිටින නිසාම මේ වගේ ප්‍රශ්න වලට ජවිපෙ වගේම සමහර හිටපු ජවිපෙ උදවියත් ටිකක් බයයි.
උදාහරණයක් ලෙස ගත්තොත් උතුරේ යුධ මෙහෙයුම් හේතුවෙන් එහි සිවිල් ජනයා ලක්වන පීඩාව ඇස් පනා පිට තියෙද්දී නිහඬව සිටී වමේ ගැලවිජ්ජාව මෙතනත් තියනවා. එදා ඊනියා ජනප්‍රියවාදී වම්මුන් මේක පැහැදිළි කළේ උතුරේ ජාතික විමුක්ති අරගලයක් වෙනුවට ප්‍රාදේශීය වාර්ගික ත්‍රස්තවාදයක් ක්‍රියාත්මක වන නිසා ඒ වෙනුවෙන් හඬක් නගන්න බෑ කියලා. අපි අහලා තියන විදිහට මානුෂීය මෙහෙයුම් වල යුධ සැලසුම් පවා වම්මු ඉදිරිපත් කළා.
ඊට වසර කිහිපයකට කලින් තමන්ගේ පක්ෂයේ නිර්මාතෘ සහ නායකයා ඇතුළු 60000 ක් පමණ වූ තමන්ගේ සාමාජිකයන් මරා දාපු හමුදාවකට තමයි එදා මානෙල් මල් දුන්නෙ.
ඉතින් මේ යම තමයි දැන් ,  ‘මංගල කලබල නොවන්න …විජේවීර පවුලේ වගකීම ගන්න අපි සුදානම්’, ‘ විජේවීර පවුලේ අයව අපි නොබැලුවා නොවෙයි. අපි ජවිපෙ ඉන්න සමයෙ ජවිපෙ අදටත් ඉන්න සහ අද ජවිපෙ හැරගොස් සිටින සියළු දෙනා ඔවුන්ට හැකි සෑම දෙයක්ම කළා’, ජවිපෙ එක්ක අවුල් තියනවා ,නමුත් ටිල්වින් සහෝදරයා ඇතුළු නායක සහෝදරවරුන් නිතර මෙයාලා ගැන හෙවුවා’, වැනි පිළිතුරු වල සිට විජේවීර පවුලට කළ කෘතවේදී කාර්යයන් පිළිබඳ පට්ට උත්තර දෙමින් කළබල වෙලා තියෙන්නෙ.
කෙටියෙන්ම කියනවනම් මේ අය විප්ලවය ගැන කතා කලාට විප්ලවවාදීන් නෙවෙයි. එහෙමත් නැත්නම් මේ අයගේ විප්ලවවාදී කම තියෙන්නෙ ධනපති සධාචාරයට පස්සෙන්. ඒ නිසා තමයි බුකියේ වගේම කොහේ මොන කතා කිවුවත් විජේවීරගේ බිරිඳ ස්වර්ණවාහිනියේ ලයිවු @ 8 (2015/09/21) කතා කළ ගමන් ජවිපෙ රතු මහත්වරුන්ගේ පට්ටම සදාචාරය තියනවා කියන සහෝගේ කලිසම  ගැලවිලා  බිමට වැටුනෙ.
තව දුරටත් විජේවීරගේ පවුල සම්බන්ධ කාරණය මේ විදිහට ප්‍රසාරණය කරනවානම් ඒ මෙහෙමයි.
අපි ටිකක් හිතමු අද වමේ කෂ්ටිය විජේවීරගේ පවුල වෙනුවෙන් කරා කියන කෘතගුණ දැක්වීම විජේවීර කරානම් මොකද වෙන්නෙ කියලා.
ඔහු ජවිපෙ බිහි නොකර සිටියානම්? හාන්සි පුටු සමාජවාදය වෙනුවට, හවසට ක්ලබ් ගිගින් දවල්ට වැඩබිමේ ප්‍රශ්න කතා කරන දේශපාලනය වෙනුවට අවිගත් නැගිටීමක් යෝජනා නොකර සිටියානම්?  එහෙනම් 71/ 89 අවි අතට ගැනීම වෙනුවට අන්තර් ජාතික මානව හිමිකම් සංවිධාන හොයන්න ගියානම්?
ඒ වගේම අනේ මං මේවා කරලා කෙලවෙලා ගියොත් මාව මරයි නේද? හපෝ එහෙම උනොත් මගෙ ගෑනී ළමයින්ටයි යන කළ දසාව මොකක් වෙයිද? මං ගන්න අවි නිසා ළමයින්ගෙනුත් පළිගනී නේද? වගේ හිතුවනම් අද රට කොතන තියේවිද?
ජවිපෙ දෙවරක් පොළව යටට දාලා ඇණ ගැහුවත් නැගිට්ටේ ඒ විප්ලවීය භාවිතය නිසා නෙවෙයිද? අනිත් අතට විජේවීරට මානසික රෝගයක් තිබුනෙත් නෑනෙ. ඒ නිසා ඔහු ඉතාම දැනුවත්ව තමයි ඒ දේශපාලනයට අත තිබ්බේ. ධනවාදයට එරෙහි අරගලය සහ විශේෂයෙන්ම රාජ්‍ය සහ එහි හැසිරීම කියන්නෙ බබා හුකුන් සෙල්ලමක් කියලා අද වම්මු හිතුවට විජේවීර ඒක එහෙම නෙවෙයි කියන එක ලංකාවේ දේශපාලනයට අත්දකින්න සැලැස්සුවා. එක් වරක් නෙවෙයි දෙවරක්ම.
ප්‍රභාකරන් කියන්නෙත් එහෙම නායකයෙක්. ඔහු විජේවීරව එක් මොහොතක භාවිතාව තුළ අතික්‍රමණය කරනවා. ඒ තමයි සටන් බිමේ තමන්ගේ පවුලේ අයවත් තියාගෙන. අද විජේවීරගේ පවුලේ උදවිය නිසා වම ලක්වෙන අපහසුතාවයට හෙට උතුරේ විමුක්ති දේශපාලනය ඇද නොවටෙන්නට ඒක එක හේතුවක් කියන්න පුළුවන්. විජේවීර වගේම ඔහුත් විශ්වාස කළේ බබා හුකුන් කරලා තමන් අඳුනගත් දේශපාලන ප්‍රශ්නයට විසඳුම් ගන්න බෑ කියලා.
ප්‍රභාකරන් හිතුවා නම් , අවි අතට ගත්තොත් මාව මරයිද? බිරිඳටයි දරුවන්ටයි යන කළ මොකක්ද? එහෙම හිතුවනම් අදටත් උපන් බිමේත් දමිලවීම නිසා දමිල ජනයා ලක්වන ප්‍රශ්නය අවම වශයෙන් සාකච්ඡා මේසයටවත් එයිද?
තවමත් දකුණේ බොහොමයකට ප්‍රභාකරන්ව අවුල් වගේ නම් කාල් මාක්ස් ගන්නකො. ඔහුත් එහෙමයි. මාක්ස් ප්‍රාග්ධනය කෘතිය දක්වා අධ්‍යයනය දිගු කරන විට ඔහුගෙ දරුවන් මන්දපෝෂණයෙන් මිය යනවා. එදා අනේ මගෙ දරුවා කියාගෙන මාක්ස් වෙන රස්සාවකට ගියානම් කොමියුනිස්ට් වාදය බිහිවෙයිද? දාස් කැපිටල් ලියවෙයිද?
මෙතන විජේවීර ,ප්‍රභාකරන් සහ මාක්ස් කියන්නෙ ජනප්‍රිය චරිත විතරයි. තව කී දාහක් එවැනි කැපකිරීම් කළ සටන් සගයන් ඉන්නවද? කවුරුත් අහලා නැති අය. ඒ අයත් කැපකිරීම් කළේ පවුල ගැන හිතලද?
මේ විදිහට ක්‍රමයට අභියෝග කළ සැබෑ රැඩිකල් දේශපාලන ක්‍රියාධරයින් කියන්නෙ පවුල ගැන හිතපු අය නෙවෙයි. ඒ ඔවුන් තමන්ගේ පවුලට හෝ අවම වශයෙන් දරුවන්ට ආදරය නොකළ නිසාත් නෙවෙයි. ඒ ඔවුන් තෝරාගත් මාර්ගය පිළිබඳ ඔවුන් තැබූ විශ්වාසය නිසා. ඔවුන් එය කිසි විටෙකත් අවිශ්වාස නොකළ නිසා. ඒ වගේම ඔවුන් අවි අතට ගෙන මිස මේ ක්‍රමය තුළ හෙටක් ගැන සිහින නොදැකපු නිසා. ඒ කියන්නෙ තමන් නිවැරදි යයි සිතා සහ විශ්වාසයෙන් අවතීර්ණ වුන දේශපාලන මාර්ගය නොමැතිව තමන්ට තබා තමන්ගේ ආදරනීයයන්ට වත් හෙටක් නොපතපු නිසා. ඒ තරමට ඔවුන් තමන් තෝරපු වැඩේට අවංක උණා. (ඒ කියන්නෙ තෝරපු වැඩේදී ඔවුන්ට පුර්ව කොන්දේසි මොකුත් නෑ. පවුල , ළමයි …කිසිම දෙයක් )
මෙහෙම තමයි ඒ අය දේශපාලනය තුළ ප්‍රයෝගික වුණේ. ප්‍රභාකරන්, විජේවීර කියන නම් වලට වගේම අදටත් මාක්ස් කියන නම බොහෝ දෙනෙකු තුළ  ඇසීමටත් ධනපතියන් බීය වුණේ මේ තුළ. ඒ වගේම ක්‍රමය වහාම ඔවුන් පොලවට පස් කරන්න තීරණය කලෙත් ඒ නිසයි.
ඇත්තටම ධනපති ක්‍රමය මේ මොහොතේ කොපමණ වර්ධනයක් අත්කරගෙන සිටිනවාද කියනවා නම් එයට එරෙහි සියළු විරෝධතා එය ගිල දමනවා. සමහර විට එක් වරම ගිලිනවා. නැත්නම් ටික ටික ගිලිනවා. ප්‍රභාකරන්ව එක කටටම ගිල්ලා. විජේවීරව ගිලින්නේ ටික ටික. එහෙම තමයි මේ සිස්ටම් එක පවතින්නෙ.
මේ කියන කාරණය විජේවීර සහ ප්‍රභාකරන් (මෙතැනදී ප්‍රභාකරන් සමාජවාදී කියන පුවරුව උස්සගෙන හිටියේ නෑ) අත්දැකපු දෙයක්. මාක්ස් අවබෝධ කරගෙන කියාදුන් සහ භාවිතයේ යොදවන ලද දෙයක්.
ඒ වගේම අපේ වම්මුන්ට කට පාඩම් දෙයක්. නමුත් ගැටලුව ඔවුන් සියළු දෙනා විප්ලවවාදී දේශපාලනයට පුර්ව කොන්දේසියක් ලෙස පවුල ,සදාචාරය සහ ධනවාදී ඇගයුම් තවදුරටත් නඩත්තු කරමින් සිටීම.
ඒ තුළ විජේවීරගේ පවුලට කෘත ගුණ දක්වන්න කැපවුන සහ ඒ වෙනුවෙන් මාරාන්තිකව පෙනී සිටින අය කියන්නෙ මේ සිස්ටම් එක ඉල්ලා සිටින ආකාරයේ ආතල් විප්ලවීය හාදයන් තනන පක්ෂ සහ සංවිධාන. ඒ නිසා මේවට ආයුෂ මදිනම් තමන්ගෙන් ටිකක් දීලා හරි ඒවා නඩත්තු කරන්න ධනපති ක්‍රමය පසුබට වෙන්නෙ නෑ. ඇත්තටම නම් විජේවීරගේ විතරක් නෙවෙයි බොහෝ විමුක්තිකාමීන්ට ඉතිහාසයේ සාධාරණය ඉෂ්ට කළා වෙන්නෙ ඔවුන්ගේ දරු පවුල් වලට කොච්චර වික්ටෝරියානු පන්නයට කෘතගුණ දැක්වූවාද නැද්ද කියන කාරණය මත නෙවෙයි. ඔවුන් ඇරඹු අරගලය කොච්චර දුරට මේ පොලව මත යතාර්ථයක් කරාද කියන එක මතයි.
මෙතන තියන විශේෂිතම කරුණ තමයි ධනවාදය පවතින්නෙ සහ එයට එරෙහි අරගලය දුෂ්කර කර තිබෙන්නෙ පෞද්ගලික දේපල මත. එය මිනිස්සුන්ගෙ පවුල කියන දේ එක්ක තමයි කෙළින්ම සම්බන්ධ. ජනප්‍රිය වාදයේ ගිලුණු වම්මු එංගල්ස් ගේ  පවුල සහ පෞද්ගලික දේපල සහ රජය නිබන්දනය කටපාඩම් කලාට පවුල සහ ධනවාදයේ තිබෙන දයලෙක්තික සම්බන්ධය තේරුම් අරගෙන නෑ. තේරුම් ගත්තත් තක්කඩි විදිහට ඔවුන් ඒ අභියෝගය මග හරිනවා. මොකද ඒ තරමට ඔවුන් ධනවාදය සමඟ අනුරාගිකව බැඳිලා. ඒ නිසා තමයි ක්‍රම විරෝධී දේශපාලනය කියලා ක්‍රමය යළි යලිත් නඩත්තු කරන අමුම අමු ප්‍රතිසංස්කරණ වාදයට ඇද වැටිලා ඒක සමාජවාදයට යන මග කියලා හිතාගෙන ඉන්නෙ.
ඔතනදි තමයි ක්‍රම විරෝධී දේශපාලන සටන්පාඨ ලියු පුවරු අත දරා සිටියදීම ධනවාදී ක්‍රමය සිය පැවැත්ම තහවුරු කරගන්නා කෘතගුණ සටන් පාඨ කරේ තියාගන්නේ සහ ඒ හරහා ධනවාදය තුළ දේශපාලන හැසිරීමේදී තමන්ගේ පතිවත ඔප්පු කරන්න පොර කන්නෙ . කෙනෙකුට මේ කතාව නරුම වෙන්න පුළුවන්.
ඒ අයගෙන් අහන්න වෙන්නෙ  විජේවීරගේ පවුලට වගේම අරගල භුමියේ මියගිය 60000 ක් සටන් සගයන්ගේ පවුල් නඩත්තු කරපු විදිහත් ඔය සද්දෙන්ම කියන්න පුලුවන්ද කියලා. ඒ නිසා  මේ කෘතවේදීත්වය දැක්වීම ගැන කියන කතා සේරම දේශපාලන තක්කඩි කම් විතරයි. අඩුමගානේ විජේවීරගේ පවුලට අපි සැළකුවෝ කියලා මොර දෙන අය 89 ඝාතනයට ලක්වුවන්ගේ ඝාතන පිළිබඳ සොයන්න කොමිසමක් වත් ඉල්ලුවද?
සන්ධාන හදලා ඇමතිකම් ගත්ත සමයෙ සහ පීඩිතයන්ට කෙලින්න සහය දෙන කොට කොන්දේසියක් ලෙස වත් මේ කරුණ ඇතුලත් කරන්න මතක් වුනාද? ඒත් උතුරේ පීඩිතයා අදටත් තමන් වෙනුවෙන් සටන් කළ පිරිස වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනීසිටිනවා. ඒ අර්ථයෙන් වමේ සමහරු එදා කියපු ග්‍රාම්‍ය ත්‍රස්තවාදීන් වමේ උන්දැලට වඩා කොච්චර කෘතගුණ තියන අයද?
දැන් බලන්න කවුද නරුම? අපි නරුමයි කියලා තවමත් හිතෙනවනම් ටිකක් මාක්ස් ගෙන් අහලා බලන්න ඔය මහත්වරු කරමින් ඉන්න දේ මාර සදාචාරයිද කියලා.
Advertisements
Comments
  1. Ajith Dharma says:

    ඔබ හරියි කියන කටහ්ව. මන් වගේ කෙනෙක් දරුවෝ අත හැරලා විප්ලව කරන්න යන්නේ නැහැ. ඒ නිසා මම ඔබේ වීරයෙක් නොවෙයි. ඔය ඉහත කියන දිවි දුන් අය වීරයෝ. එකත් ඇත්ත. නමුත් ඔවුන් දිවි දුන්නේ ආත්මාර්ථකාමී මින්සුන් කොට්ටාශයක් වෙනුවෙන්. ඒ නිශ අඔවුන් වීර මෝඩයෝ වෙන්නේ නැත්ද? – නිකම් අදහසක් පමණයි. 🙂

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s