වමට ආතල් නැද්ද?

Posted: September 10, 2015 in Uncategorized

twip_101014_14.ss_full

ලෝක පරිමාණයෙන් ධනවාදය අර්බුදයට ගමන් කරලා. නමුත් සියළු පාලකයන් ප්‍රශ්නය ලෙස උත්කර්ෂයට ගෙන තිබෙන්නේ ධනවාදයේ අර්බුදය විසින් ජනිත කරනු ලැබූ අවශේෂ කාරනා කෙරෙහිය. මාධ්‍යද ඒ අනුව යමින් වාර්තා කරණයේ යෙදෙමින් සිටියි. ඒ තුළ මේ වනවිට විදේශයන්හී සරණාගත අර්බුදය අංක එකේ අර්බුදය බවට පත්ව ඇත. එහෙත් ජනතාවට අවශ්‍ය මුලික ජිවත්වීමේ කොන්දේසි පවා අහිමිව ගිය කළ ඔවුන් ජීවිතය රැක ගැනීම වෙනුවෙන් ජීවිතය අවධානමේ හෙලා ගැනීම තෝරාගෙන තිබේ.
ධනවාදයේ ඇති ‘තරගය’ කොතරම් අමානුෂිකද යන්නට මීට වඩා උදාහරණ අවශ්‍ය නැත.
මෙහිදී ධනවාදයට විකල්පය යෝජනා කරන්නන් මුහුණදී සිටින අර්බුධය වනුයේ මේ කාරණය පොදු ජනතාවට ගෙනයන්නේ කෙසේද යන්නය. ඔවුන් නිතර මැසිවිලි නගන්නේද මේ ගැනය.
ප්‍රශ්නයක් ලෙසින් මෙය අප ගන්නවා නම් ඒ මෙසේය.
“අපි කියන ඇත්ත ජනතාව තේරුම් නොගන්නේ ඇයි? අඩුගානේ එක අවස්ථාවක් වත් අපිට නොදෙන්නේ ඇයි?”
මේ පැනය සමග ඔවුන් දේශපාලනය තුළ උපාය-උපක්‍රම තෝරන්නෙ, තමන් කෙතරම් අවංකද? ජන දුක නිවන්නට තමන් කෙතරම් දුක්ඛිත (චාම්) ජීවිත ගතකරනවද? පවතින පාලනය පවා දැනට වඩා හොඳින් කිරීමට තමන් කොතරම් දක්ෂද? ආදී ලෙසින් ප්‍රශ්නය තමන්ම නිර්මාණය කර එකම පිළිතුර තමන් බව පෙන්වා දෙන්නටය.
තවත් වරෙක, ඔවුන් සිය පක්ෂයේ වර්ණය වෙනස් කරයි. පක්ෂ සලකුණු වෙනස් කරයි. නව නායකයන් කරළියට ගෙන එයි. ධනේෂ්වර සහ සිවිල් බුද්ධිමතුන්ගෙන් චරිත සහතික ලබා ගනී. මේ ආදී ලෙසින් ක්‍රම වෙනසක් අරඹයා දහසකුත් දේ ඔවුන් කරමින් සිටියි.
එහෙත් ඔවුන් නොදන්නේ මේ කටයුතු වලින් එළියට පැමිණෙන්නේ ‘තමන් එපා කියන, වෙනස් කලයුතු බවට යෝජනා කරන, “ක්‍රමයට” තමන් කෙතරම් ආශක්තව සිටීද යන්නය. එසේම ජනප්‍රියවාදී  වමේ ගැටලුව නිතරම ධනවාදයට විකල්පයක් වනවා වෙනුවට ධනවාදය තුළ තමන් මුලින් ආතල් කඩාගෙන පසුව වටේ ඉන්න අයගේ ආතල් කඩා දමන හැටි මිස වෙනත් යමක් යෝජනා කරන්නේ නැත.
ඇත්තටම නම් ඔවුන් වමේ ලෙසින් යෝජනා කරන ජීවිතය පොදු ජනයාට පමණක් නොව මේ යෝජනා ගෙනෙන වමේ මහතුන්ට පවා බොහෝ දුරකින් පිහිටා තිබෙන්නක්ය.
වමේ කියා තිබුණු අවසන් සළුපොටත් අහසට ගසාගෙන ගිය කළ ධනවාදී සංස්කෘතිය තුළ ළදරු ආතල් දමන සහ වමේ රතු සළුව අහසට ගසා ගෙන ගොස් ඇතිබව නොදැන තමන් පට්ටෙටම වමේ බව අනෙකා සිතා සිටිනවා කියා විශ්වාසයෙන් පිම්බී සිටින ජනප්‍රිය වම්මුන්ට මේ කාරණය වැටහෙන්නේ නැත. වටහුනද එය තම මේ මොහොතේ පැවැත්මට බාධාවක් වන බැවින් ඒ ගැන හාවක් හුවක් නොමැත. ඒ වෙනුවට ඔවුන් කරනුයේ තමා වටා සිටින කේඩරයට තමන්ගෙන් තොර පැවැත්මක් ඔවුනට නොමැති බව අවබෝධ කරවීමට සම්පුර්ණ ශක්තිය යොදවා කටයුතු කිරීමය. අනෙක් අතට කොමියුනිස්ට් සමාජ ක්‍රමයක් වෙනුවෙන් නව ජීවිත විලාශයක් මොවුන් වෙතින් යෝජනා වන්නේද  නැත.
එනිසාම ධනවාදයට විකල්පය සමාජවාදය කී සැනින් මිනිසුන්ගේ ඔලුවට එන්නේ අර කියන පංති විරහිත, සියළු පීඩිතයන් විමුක්තිය ලබන ‘මාර’ සිහිනයක් නොව එහිම ප්‍රතිවිරෝධයය.
ඊට සාක්ෂි සාර්ව තලයෙන් සපයා ගන්නවා නම් සමාජවාදී යැයි කියන රටවල් සොච්චම එකී පාලනයන් ගෙන ගිය ආකාරය සැලකීම ප්‍රමාණවත්ය. ඔවුන් එම පාලනයන් ගෙන ගියේම, එක්කෝ ඒකාධිපති ස්වරූපයකින්ය. නැතිනම් රාජ්‍ය එකාධිකාරී ධනවාදයක් ලෙසින්ය. එසේත් නැතිනම් රතු පැහැති මිලිටරි පක්ෂ පාලනයක් ආදී ලෙසින්ය.
එහෙයින් මිනිසුන් ධනවාදයේ මේ තරගයට කැමතිය. මන්ද මේ ඔවුන් දන්නා යකා නිසාය. මිනිසුන් වඩාත් බීය දන්නා යකාට නොව නොදන්නා යකාටය.
වඩාත් සරලව කියනවානම් දැනට අප අත්දැක තිබෙන සමාජවාදී යයි කියන කෙරුමන් හමුවේ ආතල් තිබෙණුයේ තෝරාදෙන ලද කිහිප දෙනෙකුට පමණය. එහෙත් ධනවාදය තුළ ඕනෑම අබබ්බයෙකුට දේසේ හැටියට වාසේ නම් ආතල් ඕන තරම්ය.
එහෙයින් මාධ්‍ය මෙන්ම පොදු ජනතාවද හෙට ජීවිතය වෙනුවෙන් අද  ජීවිතය ඕනම මොහොතක අවධානමේ දමා ගැනීමට සුදානම්ව සිටියි.
මේ ජායාරූප කියන්නේ ඒ කතාවද බලන්න

11988589_10153561676133762_3158735497646870540_n

FOR USE AS DESIRED, YEAR END PHOTOS - FILE -In this March 4, 2011 file photo, men from Bangladesh, who used to work in Libya but recently fled the unrest, walk with their belongings alongside a road, as they head to a refugee camp after crossing the Tunisia-Libyan border, in Ras Ajdir, Tunisia. (AP Photo/Emilio Morenatti, File)

Foto-de-Marco-di-Lauro-en-Iraq

article-2381052-1B0E73F0000005DC-673_634x424

0019b91ec74f0efa79f614

REFUGIADOS1

enhanced-buzz-32691-1406351209-13

Gaddafi_Had_Vor710

funny_1

gaddafi2

20101224144634924

buzz_1436980309_af_org

Comments
  1. //එනිසාම ධනවාදයට විකල්පය සමාජවාදය කී සැනින් මිනිසුන්ගේ ඔලුවට එන්නේ අර කියන පංති විරහිත, සියළු පීඩිතයන් විමුක්තිය ලබන ‘මාර’ සිහිනයක් නොව එහිම ප්‍රතිවිරෝධයය.//
    //වඩාත් සරලව කියනවානම් දැනට අප අත්දැක තිබෙන සමාජවාදී යයි කියන කෙරුමන් හමුවේ ආතල් තිබෙණුයේ තෝරාදෙන ලද කිහිප දෙනෙකුට පමණය. එහෙත් ධනවාදය තුළ ඕනෑම අබබ්බයෙකුට දේසේ හැටියට වාසේ නම් ආතල් ඕන තරම්ය.//

    මේ කාරණයට චීනය, උ.කොරියාව ආදී රටවල් ලෙස නොව ඒවායේ ක්‍රියාවලීන් ආශ්‍රෙයන් විස්තරාත්මක පැහැදිලිකිරීමක් දෙන්න ‍පුළුවන්ද?

    Like

Leave a comment