BLACK MONDAY – සතුරු වූ යතුර

Posted: September 1, 2015 in Uncategorized

BlackMonday

කොටස් වෙළඳපොළ යනු කුමක්ද? යන පැනය නැගුණු කල ආර්ථික විද්‍යා න්‍යාය අපට කියාදෙන්නේ, ‘ලේඛන ගතවූ සමාගම් මඟින් නිකුත් කරනු ලබන කොටස්, ණයකර ආදී සුරැකුම්පත් මිල දී ගැනීම හා විකිණීම සඳහා අවශ්‍ය විවෘත වෙළඳපොළ සපයනු ලබන්නේ කොටස් වෙළඳපොළ’ කියාය.
එහි සිදුවන්නේ කුමක්ද? යන්න නැගුණු කල සම්ප‍්‍රදායික ආර්ථික විද්‍යා න්‍යාය එය අපට මෙසේ පැහැදිලි කරයි. කොටස් වෙළඳපොළේ ලේඛන ගත සමාගම් ඒවායේ ව්‍යාපාරික අවශ්‍යතා වෙනුවෙන් ප‍්‍රාග්ධනය සපයා ගැනීමට පොදු සමාගම් කොටස්, ණයකර නිකුතුවක් සිදු කරයි. ඒවා කොටස් වෙළෙඳපොළ ආයෝජකයන් විසින් මිලදීගන්නා අතර පසුව තැරැව්කාර සමාගම් මඟින් ආයෝජකයන් ඒවා ගනුදෙනු කරයි.
කොටස් වෙළඳපොළේ ක‍්‍රියාවලිය මෙසේ සම්ප‍්‍රදායික ආර්ථික විද්‍යා න්‍යාය පැහැදිලි කළත් විටින් විට ජාතික රාජ්‍ය දේශ සීමා පවා අතික‍්‍රමණය කරමින් ගෝලීය කැළඹීම් ඇති කරන සමාගම් කොටස්වල මිල පහළ යාම් සහ කොටස් වෙළෙඳපොළ බරපතළ කඩාවැටීම් අසන්නට ලැබේ.
ඉහත ජායාරූප දෙක අයත් වනුයේද ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් කොටස් වෙළෙඳපොළ ආශ‍්‍රිත එවැනි අවස්ථා දෙකකටය. පළමු ජායාරූපය 1987 ඔක්තෝබර් 19 වැනි සඳුදාය. දෙවැන්න 2015 අගෝස්තු 24 වැනි සඳුදාය. මේ අවස්ථා දෙක පොදුවේ ලෝකයේ බෞතීස්ම ලැබුවේ “BLACK MONDAY” ලෙසින්ය.
බැලූ බැල්මටත් මේ ජායාරූප දෙකම කියන එකම කතාවක් හඳුනාගන්නට පුළුවන. ඒ කාලය වෙනස් වුවත් එකම අවකාශයක ප‍්‍රශ්නය යළිත් සාපේක්ෂ වර්ධනයක් සහිතව පැමිණ ඇති බවය.
කවුරුත් දැන් ආර්ථික විද්‍යා න්‍යාය සුත‍්‍ර ගත කරන්නට උත්සහ කරනුයේ ”කළ යුත්තේ කුමක්ද?”‍සොයාගන්නටය. මෙවැනි වකවානු හිදී මාක්ස්ගේ ‘ප‍්‍රාග්ධනය’ කෘතියේ සිට වත්මන් ආර්ථික විශ්ලේෂකයා දක්වා ලියන ලද ආර්ථික න්‍යායික කෘතිවල ඉල්ලූ‍ම වැඩි වන්නේද ඒ තුළය.
කෙසේ වුවත් නැති වූ යතුරු සෙවිය යුත්තේ නැති වූ තැන මිස වෙනත් තැන්වල නොවේය. නැතිනම් කොටස් වෙළඳපොළ එක්වරම කළු වන්නේ ඇයිද යන්නට පිළිතුර තිබෙන්නේ කොටස් වෙළඳපොළ තුළ මිස පුස්තකාලවල නොවේය.
ලෝකයේ අංක එකේ කොටස් වෙළෙඳපොළ ආයෝජකයකු ලෙස අවිවාදයෙන් පිළිගන්නා වොරන් බෆට් (WARREN BUFFETT) 1987 අත්දැකීම සමඟ වරක් මෙසේ පවසා ඇත.
‘Graham-and-Doddsville සිට ආයෝජකයන්ගේ පොදු බුද්ධිමය තේමාව තුළ ඔවුන් කරනුයේ ව්‍යාපාරයේ වටිනාකම සහ වෙළෙඳපොළ තුළ එම ව්‍යාපාරයේ සුළු කොටස්වල විෂමතා ගවේෂණය කිරීමය. නමුත් මා සොයන්නේ කොටස් තොග මිලදී ගැනීම කෙරෙහි නොව ව්‍යාපාරයක් මිලට ගැනීමටය’
මේ සම්ප‍්‍රදායික ආර්ථික විද්‍යා න්‍යාය අපට කියා නොදෙන කොටස් වෙළඳපොළ ක්‍රියාවලියේ වන කළු අතිරික්තිකයේ ප්‍රකාශමාන වීමය. සිදුවන්නේ එය නම් පුස්තකාලයේ කරන්නට දෙයක් නැත.
RULE NO 1 : Never Lose Money.
RULE NO 2 : DonZt Forget Rule No 1.
– Warren Buffett-
Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s