Archive for September, 2015

12037802_939731269431773_556026516_o

විජේවීරගේ පවුල විදේශ ඇමතිට දාපු ලියුම ගැන දැන් හුඟක් අය කතා වෙනවා. ඒ ලිපියට අනුව නම්,
‘ විජේවීර සහ ජවිපෙ සිදුකළ ඝාතන වලට විජේවීර පවුලේ අනෙක් අය දුක් විඳිය යුතු නැහැ’
‘තමන්  කිසිදිනක දේශපාලන ක්‍රියාකාරිකයකු හෝ අනුගාමිකයකු ලෙස කටයුතු කර නොමැත’
‘ ලංකාව තුළ රැදී සිටීමෙන් තමන්ට හා දරුවන්ට බහුතරයක් ශ්‍රීලාංකිකයන්ගේ චින්තන රටාව මත අනර්ථයක් සිදුවීමට හැකි නිසා එංගලන්තයට යාමට පහසුකම් සපයා දෙන්න’
මේ ඉල්ලීම චිත්‍රා මහත්මිය සිදුකරන්නේ විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු වගකිව යුත්තන්ගෙන්. එහෙමත් නැත්නම් ලිබරල් ඔළුගෙඩි තියන ඒ විදිහට හිතන , පතන, වැඩ කරන මහත්වරුන් ගෙන්. (more…)
Advertisements

twip_101014_14.ss_full

ලෝක පරිමාණයෙන් ධනවාදය අර්බුදයට ගමන් කරලා. නමුත් සියළු පාලකයන් ප්‍රශ්නය ලෙස උත්කර්ෂයට ගෙන තිබෙන්නේ ධනවාදයේ අර්බුදය විසින් ජනිත කරනු ලැබූ අවශේෂ කාරනා කෙරෙහිය. මාධ්‍යද ඒ අනුව යමින් වාර්තා කරණයේ යෙදෙමින් සිටියි. ඒ තුළ මේ වනවිට විදේශයන්හී සරණාගත අර්බුදය අංක එකේ අර්බුදය බවට පත්ව ඇත. එහෙත් ජනතාවට අවශ්‍ය මුලික ජිවත්වීමේ කොන්දේසි පවා අහිමිව ගිය කළ ඔවුන් ජීවිතය රැක ගැනීම වෙනුවෙන් ජීවිතය අවධානමේ හෙලා ගැනීම තෝරාගෙන තිබේ. (more…)

coca

කොකා කෝලා සමාගමේ අපරික්ෂාව හේතුවෙන් බොන ජලයට තෙල් කාන්දු වීම සහ මෙරට ක්‍රියාත්මක බහුජාතික සමාගම්වල කෙරුවාව මධ්‍යයේ වමේ නිහඬතාවය පිළිබඳ කතා බහක් මතුව ඇත. මේ කාරණාවට අදාළව බහුජාතික සමාගම් වලට එරෙහිව සටනට මෙරට ජනප්‍රිය වම සොයා යන පිරිස් අතපසු කරගන්නා කරුණක් ඇත. ඒ මේ වන විට කොකාට එරෙහිව යාමට රතු කොකාලා සුදානම් නැති බවය. ඒ හැම කොකාගේ මෙන්ම රතු කොක්කුන්ගේද නියම පැහැය ඔය වැනි පියෑඹීම් වලදී පෙනෙන්නට ගන්නා නිසාය. මේ ඒ ගැන තවදුරටත්ය.

(more…)

BlackMonday

කොටස් වෙළඳපොළ යනු කුමක්ද? යන පැනය නැගුණු කල ආර්ථික විද්‍යා න්‍යාය අපට කියාදෙන්නේ, ‘ලේඛන ගතවූ සමාගම් මඟින් නිකුත් කරනු ලබන කොටස්, ණයකර ආදී සුරැකුම්පත් මිල දී ගැනීම හා විකිණීම සඳහා අවශ්‍ය විවෘත වෙළඳපොළ සපයනු ලබන්නේ කොටස් වෙළඳපොළ’ කියාය.
(more…)