රෑට තරු දහස් ගණන් ඈත සුර පුරෙන් ඇවිත්

Posted: August 19, 2015 in Uncategorized

11911643_729011173877973_643881299_n

q : ලැබුණු ප්‍රතිඵලය ගැන තෘප්තිමත්ද ?
ඇත්තටම අපි මීට වඩා දෙයක් , ලැබුණ ප්‍රතිඵලයට වඩා දෙයක් අපි බලාපොරොත්තු උණා. මේකෙන් අපි පසු බසින්නේ වැටෙන්නෙ නෑ. නමුත් ජනතාවගේ තීන්දුවට හිස නමනවා. අපි පෙන්නලා තියනවා මන්ත්‍රීධුර 1ක් තිබුණත් කොහොමද වැඩ කරන්නෙ කියලා. ඉස්සරහටත් ලැබුණු මන්ත්‍රීධුර ටිකෙන් රටට උපරිම දේ කරනවා.
q : හෘද සාක්ෂියේ සම්මුතිය ජනතාව ප්‍රතික්ෂේප කරා කියලා හිතන්නේ නැද්ද?
කල්පනා කරලා බලන්න අපි පැහැදිලි වැඩ පිළිවෙලක් ඉදිරිපත් කළා. මතක තියාගන්න ජනතාව ඉල්ලුවේ යහපාලනය. අපි කිවුවා තට්ටු මාරුව වෙනුවට දැන්ම අපට බලය දෙන්න බැරිනම් විපක්ෂය අපිට දෙන්න කියලා. කොහොම නමුත් ජනතාව තීන්දුවක් දීලා තියනවා. අපි ඒකට හිස නමනවා.
q : ඉදිරියටත් හිතන්නෙ රට ගැනද ?
ඔව්. ඇයි වෙන කවුරු ගැනද හිතන්න ඕන? මතකතියා ගන්න අපි තමයි රටට වැඩියෙන්ම ආදරේ. ඒක ඔය අනිත් පක්ෂ වගේ ව්‍යාජ ආදරයක් නෙවෙයි. හෘද සාක්ෂියේ ආදරයක්. අපි අපෙන් මේ මවු බිමට වෙන්න ඕන උපරිම දේ කරනවා.
q : ඇයි මිනිස්සුන්ට විශේෂයෙන් නිර්ධනයා, පීඩිතයාට වඩා වැඩි තැනක් රටට දෙන්නෙ ?
ඔබේ ප්‍රශ්නයම වැරදී. රට කියන්නෙ නිකන් හිස් බිමක් විතරක් නෙවෙයි. ජනතාවත් එහි ඇතුළත්. රටක් මවුබිමක් නැතිනම් කොහොමද මිනිස්සු ඉන්නෙ. හොඳට මතක තියාගන්න අපි හෘද සාක්ෂියේ සම්මුතිය ඉදිරිපත් කළේ මිනිස්සුන්ට. ඒක මේ අඟහරු ලෝකෙට ඉදිරිපත් කරපු එකක් නෙවෙයි. ජනතාවට ඉදිරිපත් කරපු එකක්.
q : නමුත් ජනතාව එය ප්‍රතික්ෂේප කරළා. ජනතාව ඉල්ලුව එක නෙවෙයිද ජවිපෙ දුන්නෙ?
කල්පනා කරලා බලන්න ජනතාව මේ අලුත් පාර්ලිමේන්තුවෙන් බලාපොරොත්තුවූ හැම දෙයක්ම අපි පොරොන්දු වෙලයි තිබුණේ. යහපාලනය , අල්ලස දුෂණය සහ නාස්තිය නැති කරන එක, කොන්ත්‍රාත් වල සිදුවන මගඩි, රස්සා දෙන හැටි, නිෂ්පාදන ආර්ථිකයක්, ජනතාවගේ කුටුඹියේ අනාගතය ගොඩනගන්නේ කොහොමද කියනදේ එහි ඇතුළත්. ඉතින් ඔබ අහනවා ජනතාව ඉල්ලනදේ නෙවෙයිද දුන්නෙ කියළා. හොඳට මතක තියාගන්න  අපි කොහොමත් ජනතා අපේක්ෂා තමයි ඉටුකරන්නෙ.
q : අපට කියන්න ජවිපෙ අනෙක් පක්ෂ වලින් වෙනස් වෙන්නෙ කොහොමද කියලා?
අපේ හොරු නෑ. අපේ බොරු නෑ. අපි වැටුප් පවා නොගෙන ජනතා සේවය කරන්නෙ. මං හිතන්නෙ අපි අපි ගැන චරිත සහතික ලියාගෙන වැඩක් නෑ. මිනිස්සු අපිව දන්නවා.
q : ඒ නිසාද මේ වගේ තත්ත්වයකට පත්වුණේ ? ජනතාව හිතනවා එතකොට පාර්ලිමේන්තුවේ ජවිපෙ 6ක් ප්‍රමාණවත් කියලා?
ඒක මගෙන් අහලා හරියන්නෙ නෑ. ඒක ජනතාවගෙන් අහන්න. මට මිනිස්සුන්ගෙ හිත කියවන්න හෝ අංජනම් බලන්න බෑ. සාත්තර කාරයන්ගෙන් අහන්න ඕන ප්‍රශ්න මගෙන් අහන්න එපා.
q : අපිට කියන්න එහෙනම් ජවිපෙ මැතිවරණ ප්‍රචාරණයේ තීම් කලර් එක රෝස වුණේ, හෘද සාක්ෂියේ සම්මුතියේ පිටකවරයට බාස්මතී හාල් ආවේ මිනිස්සුන්ගෙ හිත් කියවීමට යාම තුළ නොවෙයිද?
ඔබට එහෙම හිතනවානම් හිතන්න.
q : සන්නද්ධ අරගලය ප්‍රතික්ෂේප කළා, පක්ෂ සමුළුව රුපවාහිනියේ පෙන්නුවා, බුද්ධිමතුන් කලාකරුවන් සමාජ ක්‍රියාකාරීන්, වෘත්තීයවේදීන් ජාතික ලැයිස්තුවට දාලා කරගත්තේ වැරැද්දක් කියලා හිතෙන්නෙ නැද්ද?
මොකක්ද තියන වැරැද්ද ?
q : කම්කරු නායකයන් කී දෙනෙක් ඔබේ පක්ෂයේ ජාතික ලැයිස්තුවෙ හිටියද? ගොවි සමීති , වෘත්තීය සමීති නායකයන්, ශිෂ්‍ය නායකයන් , ධීවරයන් ඔබේ ජාතික ලැයිස්තුවෙ හිටියද?
ඔබ වෙනත් පක්ෂයකිනුත් මේ ප්‍රශ්නය අහනවද? නෑ නෙ. කරුණාකරලා එක එක්කෙනාගේ ප්‍රොජෙක්ට් වලට උදව් වෙන ප්‍රශ්න අහන්න එපා.
q : ජවිපෙ නිසාම විතරයි තමයි ඒ ප්‍රශ්නේ ඇහුවේ. කමක් නෑ. මට කියන්න ජවිපෙ තවදුරටත් පන්ති අරගලය විශ්වාස කරනවද ?
ඔබ දන්නවද මොකක්ද පන්ති අරගලය කියන්නෙ කියලා ? දන්නවනම් කියන්න බලන්න. අපි අවි ගතයුතු සමයෙ අවිගත් පක්ෂයක්. අමතක කරන්න එපා ඒ ගැන.
q : හරි. ජවිපෙ කියන්නෙ ඕනදේ ඒ ඒ කාලෙට කරන පක්ෂයක්. මේ කාලේ උවමනාව සර්වපාක්ෂික කලාකරුවන්, සර්ව පාක්ෂික බුද්ධිමතුන් , සර්ව පාක්ෂික වෘත්තීයවේදීන් ඒකරාශී කිරීමද?
ඔයා එන ලයින් එක මට තේරෙනවා. ඇයි ඒ අය එකතුකර ගැනීම අවුල්ද? ඔයාට අප්සෙට් වගේද? හොඳට මතක තියාගන්න සියළු බලවේග එකතු කරගෙනයි සමාජය වෙනස් කරන්න පුළුවන් වෙන්නෙ. අමතක කරන්න එපා ඒක.
q : කොහොම නමුත් ඔබලා සියළු දෙනා එකතු කරන්න ගිහින් ඕනම බලවේග නැතිකරගෙන කියලා හිතෙන්නෙ නැද්ද? ජවිපෙ පීඩිතයාගේ පක්ෂය වනවා වෙනුවට ධනවාදයේ වටිනාකම් වළට පක්ෂය තුළ වටිනාකම් දෙන්න අරගෙන නේද?
(සිනා) හොඳට මතක තියාගන්න අපි මේ තත්ත්වය හෝ ලබාගත්තෙ නිර්ධනයින් නැති රටේ ධනපතියන්ගේ මුදලින්. වෙනදා වගේ ඔබේ ප්‍රදේශවල ජවිපෙ සාමාජිකයන් ආධාර පත්‍ර අරගෙන ආවද? ආධාර ඉල්ලුවද? නෑ . ටිකක් කල්පනා කරලා බලන්න ධනවාදයේ වටිනාකම් අත්කරගත් පුද්ගල සාධක දේශපාලන ව්‍යාපාරයකට ගත්තත් ඉස්සරහින් තියාගෙන ගියත් ඒක ව්‍යාපාරයට ගැටළුවක් නෙවෙයි. මතක තියාගන්න ඒ අය දිහා බලලා ඒ වගේ වෙන්න හිතන අය එතනදී අපිට ජන්දේ දෙන්නත් පුළුවන්.
q : ඔබ හිතනවද සර්වපාක්ෂික කලාකරුවන්, සර්ව පාක්ෂික බුද්ධිමතුන්, සර්ව පාක්ෂික වෘත්තීයවේදීන් ,සමාජ ක්‍රියාකාරීන් කියන්නෙ දේශපාලන බලවේග කියළා?
(සිනා) ඔබ ඉරිසියාවෙන්ද ප්‍රශ්න අහන්නෙ? කල්පනා කරලා බලන්න සියළු බලවේග අවශ්‍යයි.
q : ඔය කියන බලවේග වලට පුලුවන්ද පන්තියට දැනුම ගෙනියන්න. විප්ලවය වෙනුවෙන් පීඩිතයා ,නිර්ධනයා සුදානම් කරන්න?
(සිනා) කවුද මේ ප්‍රශ්න ටික ඔයාට ලියලා දුන්නේ. ඒ කවුද කියනවනම් මං උත්තර දෙන්නම් . මතක තියාගන්න, කොහෙද ඔබ කියන නිර්ධනයන් අද ඉන්නෙ? අද මේ මේ කියලා ගන්න නිර්ධනයින් නෑ. මේ ක්‍රමය තුළ කලාකරුවන්, බුද්ධිමතුන් , වෘත්තීයවේදීන් , සමාජ ක්‍රියාකාරීන් පීඩාවට පත්වෙන්නෙ නැද්ද? නීතිවේදියෙක්  උදාහරණයට අරගෙන බලන්න. අන්න අරයත් ජේවීපී, මාත් ජේවීපී වෙන්න ඕන කියලා හිතන මිනිස්සු නැද්ද? කල්පනා කරලා බලන්න  එහෙම නැත්නම් මේ පාර අපි 6ක් වත් ගත්තෙ කොහොමද?
q : නිර්ධනයා කියා කොටසක්වත් නෑ කියලද කියන්නෙ ?
ඔව්. මාක්ස් කියපු අය නෑ. හොඳට මතක තියාගන්න සමාජය වෙනස් වෙලා . අලුත් දේ අරගෙන පරණ දේ ඉවත දමා යන ගමනකයි අපි ඉන්නෙ.
q : මොනවද පක්ෂය ශක්තිමත් කරන්න ඉදිරියට ගන්නා පියවර?
අපි වැඩි වැඩියෙන් සමාජ ජාල ක්‍රියා කාරීන් පක්ෂය වටා රැස් කරනවා. ඒ වගේම අපි දැනටමත් අපේ පණිවිඩය ජනතාවට ගෙනියන්න නව ප්‍රචාරක සමාගමක් සමග ගිවිසුමකට යනවා. අපේ පක්ෂයේ නියෝජිතයන්ගේ ප්‍රතිරූපය ගොඩනගන්න සහ ජනතාව ඒ ප්‍රතිරුප වන්දනාවට හුරු කිරීමයි එහි අරමුණ. එහි මුලික පියවර අපි මේ වෙනකොටත් අරගෙනයි තියෙන්නෙ. දක්ෂ සංවිධායකයින්, අවංක පුර්ණකාළීන්ට වඩා අලුත් ක්‍රමයට වටින්නෙ දක්ෂ ප්‍රතිරුප වන්දනා කරුවන්. අපි ඒ අයව ඉදිරියට ගෙන එනවා. එවිට කල්ලි වාදයෙන් තොරව ආගමක් වගේ අපිට රටට දෙයක් කරන්න පුළුවන්. කොටින්ම එජාපය, ශ්‍රීලනිපය ට වඩා හොඳට අපිට මේ සිස්ටම් එකේම රට ගෙනියන්න පුළුවන්. යහපාලනය ඉස්සරහට ගෙනියන්න පුළුවන් අපිට විතරයි.
q : මාක්ස් – ලෙනින් යහපාලනය ගැන මොකුත් කියලා තියනවද?
එයාලගේ කතා කිවුවනම් මේ ගත්ත 6 ත් නැතිවෙනවා. පොතේ ගුරු වාදීන් අපට වැඩක් නෑ. අපි නිර්මාණශීලීව නව වෙනස් කම් සමග ඉදිරියට යායුතුයි.
q : දැන් ජවිපෙ සන්නද්ධ වෙයිද ? විප්ලව කරයි වගේ බයක් තියාගන්න ඕන නෑ නේද?
අපෝ නෑ. අපි ජේසු බුදුන් වගේ ප්‍රතිරුප ටිකක් හදලා ජනතාව ඉස්සරහින් තිබ්බාම එයාලා අපිව අදහනවා. එතකොට ධනපතියන්ට සිදුවෙනවා බන්දේසියක තියලා අපිට බලය දෙන්න.
q : ඔබ කිව්වා නිර්ධනයින් නෑ කියළා. ඒත් ධනපතියන් ඉන්නවා වගේ නේද?
ඔව්. ධනපතියන් ඉන්නවා. නිර්ධනයින් නෑ. ඉන්නවනම් පෙන්නන්න කියලා මං ඔබට අභියෝග කරනවා. නමුත් අපේ උත්සාහය පෙන්න නැති අර ගමේ කතාවට කියන්නෙ ලොවෙත් නැති කියලා. අන්න එහෙමවත් නැති කොටසක් වෙනුවෙන් පෙනී සිටීම වෙනුවට අපේ රටේ ගොවියාට, කම්කරුවට, ශිෂ්‍යයාට, ධීවරයාට, ගුරුවරුන්ට  හදිසියට පොඩි ගානක් සුළු පොලියකට ඉල්ලා ගන්න පුළුවන් ජවිපෙ කාර්යාල රට පුරා බිහිකිරීම. මතක තියාගන්න මං වැඩ කරන්නෙ ජවිපෙ කියලා එදාට බොහෝම අභිමානයෙන් කියන්න පුළුවන් දවසක් ගේන එක.
බොහෝම ස්තුතියි අප සමග කතා බහට එක්වුවාට. ඔබලාගේ මේ වෙනස් වීම සහ නව දර්ශනය ජනතාව තවමත් දන්නෙ නැති හැඩයි. නැත්නම් මීට වඩා වෙනස් ප්‍රතිඵලයක් නිසැකවම මහ මැතිවරණයෙන් ලබන්න තිබුණා. මොකද තාමත් සමහරු හිතාගෙන ඉන්නෙ ජවිපෙ පංතියේ පක්ෂය කියළා. අපි ඔබට සුබ පතනවා. දිගටම නිර්ධනයන් නෑ කියලා අලුත් බලවේග එකතු කරගෙන ඉදිරියටම යන්න. පාර මාරම පැහැදිළියි. සුභ අනාගතයක් !
(හීනේන් කරපු සම්මුඛ සාකච්ජාවකි)
Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s