මේ විසල් සීනු නාදය කුමක්ද?

Posted: August 12, 2015 in අදහස්, HOME

Christmas_jingle_bells

 

පැරණි ජවිපෙ විශේෂයක් ලෙස දකින්නට ලැබෙන සහ මේ මෑතක් වන තුරුත්  එළිපිටම නොපෙනුනත් ජවිපෙ සතු විශේෂ ලක්ෂණයක් වුයේ එළියේ සිටින බලවේගයන්ට ඕන විදිහට ජවිපෙ හැඩ නොගැසී ජවිපෙට ඕන ලෙස බලවේග හැඩගැස්ස වීමය. නැතිනම් තමන්ගේ වැඩේ එලියට කීවා මිස එලියට ඕන ලෙස ජවිපෙ හැඩගැහුණේ නැත. ලෙනින් වාදී පක්ෂ ආකෘතිය පිළිගත් පක්ෂ ලෙස විශේෂයෙන් අප රටට අදාළව නම් ජවිපෙ ඉතිහාසය තුළින් ඊට නිදර්ශන ඕනෑතරම්ය.

ඒ තුළ ජවිපෙට සම්බන්ධවන අයෙකුට මෙසේ කියන්නට නොහැකිය.
“ඔයාලා කරන්නෙ මං හිතන, මං පතන විදිහේ දේශපාලනයක් නෙවෙයි. ඔයාලා මං කියන මේ මේ වෙනස් කම් වලට එකඟ වෙනවා නම් මං ඔයාලත් එක්ක පොලිටිකල් කරන්න එනවා”
නමුත් ජාතික වාදයට වැටී එහි කරවටක් නොව ඉහටත් උඩින් වතුර යාමෙන් අනතුරුව ජවිපෙ ඒ භාවිතාව වෙනස් වී ඇති අතර අද වනවිට එය ජවිපෙම සතු සුවිශේෂයක් ලෙස ධනපති පක්ෂ පවා අතික්‍රමණය කර ඇත. අද ජවිපෙ මිනිස්සු ඉල්ලනදේ යයි තමන් සිතන දේ සෙල් දමා දෙන්නට පටන් ගෙන ඇත.
ඒ තුළ දැන් ජවිපෙ කියන්නේ “අපි මේ කරන්නෙ ඔයාල හිතන පතන දේ. ඉතින් අපි තමයි ඔයාලට සුදුසුම දේශපාලන පක්ෂය” කියාය.
මේ අපි දකින ජවිපෙ සබන් බුබුලේ ජනප්‍රියත්වය එබඳුය.
මෙහි ප්‍රතිඵලය නම් ජවිපෙ ලංකාවේ සමාජවාදී සමාජ විප්ලවය නොකිරීමය. ඒ වෙනුවට ධනවාදය වෙනත් වටයකින් තහවුරු කරන ලංකාවේ රතු පැහැ පක්ෂය වීමට ජවිපෙට පුළුවන.
මේ ඇසෙන විසල් සීනු නාදය යනු එයයි. තත්ත්වය මෙසේ නම් එළඹීමට නියමිතව තිබෙනුයේ විසල් සීනු නාදය අවසානයේ ගෙජ්ජි බිම වැටෙන සමයක්ය. ඒ අනුව මේ මොහොතේ සීනු හඬින් කම්පිතව ගිනිකණ වැටී සිටින විමතිකයන් වෙනුවෙන් අපට තිබෙණුයේ මෙවැනි සහෝදරාත්මක පුරෝකතනයක්ය….
සහෝදරවරුණි , ගෙජ්ජි අහුලන්න සුදානම් වෙන්න !!!
වර්තමානය කෙසේ මෙය භාරගත්තත්  ඉතිහාසය අප නිවැරදි කරනු ඇත.

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s