කාලය මැවූ වෙනසක අරුමේ !!!

Posted: July 24, 2015 in Uncategorized

JVP

වමේ දේශපාලනය යනු ධනපති ආණ්ඩුවල හෝ සභාග වල පරිප්පු වල කළු ඇට ඇහිඳින, රම්පෙ කරපිංචා නටු ඇහිඳින එක නොව පන්තිය වෙනුවෙන් බලය අත්පත් කර ගැනීම බව රටට මෙන්ම එතෙක් පැවති වමට ද දැනෙන්න කියා දුන්නේ විජේවීර ය. ඒ වෙනුවෙන් වන අරගලය සන්නද්ධ නැගිටීමක සිට මැතිවරණ ක්‍රියාවලිය දක්වා අදාළ බව ඔහු ගොඩනැගූ ව්‍යාපාරය සමග එක්ව වචන වලින් නොව භෞතික යතාර්තයක් තුළ ඔප්පු කළේය.
විජේවීරගෙන් පසුව ඒ සුක්කානම ගත්තේ සෝමවංශය. 1985 වැනි විශේෂ සමයක විජේවීර ලියු “ඊලාම් අරගලයට විසඳුම කුමක්ද?” පොත සෝමවංශට අනුව මාක්ස්-ලෙනින් වාදයේ සාරාංශයය. එතැන් පටන් සෝමවංශ පක්ෂය ගෙන ගියේ පොතේ තියනවා කියා ඔහු සිතූ අසිරිමත් පාරකය. මේ පාරේදී සෝමවංශ අපුරු හඳුන්වාදීමක් සිදුකළේය. ඒ “රට සහ විප්ලවය වෙනුවෙන් මාක්ස්වාදීන් පොෂ් ජාතිවාදීන් වන්නේ කෙසේද යන්නය.
ඒ මාක්ස්-ලෙනින්වාදීන්, ජාතිවාදී පෙකණිවැල අමුවෙන්ම අතට ගෙන පෙකණියට සම්බන්ධ කර ගන්නවා වෙනුවට එය ටයි පටියක් ලෙස බෙල්ලේ ඔතාගන්නා ආකාරය කියා දෙමින්ය. “අපිට ජාතිවාදීන් කියනවනම් …ඔව්, අපි ජාති වාදීන් තමයි අපි හොඳ දේශප්‍රේමී ජාතිවාදීන් …හැබැයි මහත්තයෝ රට සහ සමාජවාදය වෙනුවෙන්” කියන වමේ බුවාලා 2000 වසරේ මුල් සමයේ සිට පැටවූ ගැසුවේ ඒ නිසාය.
මේ ගමනේදී සෝමවංශ මෙරට මෙන්ම ජාත්‍යන්තර වමේ ව්‍යාපාරයේ නාමයෙන් ලැබූ සුවිශේෂී ධ්‍යානය නම් පණ පිටින් දේශපාලනයේදී නිවන් දැකීමය. ඒ ධ්‍යානය ඔහු ඔප්පු කළේ පටිච්චසමුප්පාදය සහ හේතුපල වාදය යනු මාක්ස්ගේ දයලෙක්තික භෞතිකවාදයම වන බවත් එහි එකම වෙනස භාෂා වෙනස පමණක් බව පවසමින් පක්ෂයෙන් ඉවත්ව සිංහනාද පැවත්විමෙන්ය.
අරවින්ද පක්ෂයේ නායක කම ගන්නේ ඒ පසුබිමේය. අරවින්ද, විජේවීර ගැන අසා ඇති අතර සෝමවංශ දේශපාලනය කර පණපිටින් නිවන් අවබෝධ කරගත් ආකාරය අත්දැක තිබිණ.
එනිසා සන්නද්ධවී මියයාමේ සහ පණපිටින් නිවන් අවබෝධ කරගැනීමේ ආදීනව ගැන ඔහුගේම වූ පුරෝකතනයක් ඔහු සතුව තිබිණ.
මේ අනුව පක්ෂයේ නායකත්වය ගත්තද ඉදිරියේ වන උභතෝකෝටිකය ජය මාවතක් කර ගැනීමේ අභියෝගය ඔහු හමුවේ විය. එක් පසෙකින් විප්ලවවාදී රෝහණ ය. අනෙක් පසින් සෝමවංශ සාදු ය. එහෙත් ඒ මාර්ග දෙකම අරවින්දගේ සිහින සමග සමපාත නැත. අනෙක් අතට ගම්ලත් අයියාද වමෙන් පැන දකුණට ගියපසු ‘අතට’ කෙසේ වෙතත් ‘කටට’ වෙන දේ ඔප්පු කළ නිසා ඒ පාරෙන් යාමේ ගුණාගුණ පිලිබඳ පැහැදිළි සිතියමක් අරවින්ද සතු විය. දැන් මහ දවාලේ වමේ සිග්නල් එකෙන් දකුණට හැරෙන්නටද නොහැකිය.
“අප පිණිසා එන මිනිසා” බිහිවනුයේ මේ අභිමුවේය.
ඒ රතු පොතත් බණ පොතත් දෙකම බිම තැබීය. දැන් දයලෙක්තික භෞතිකවාදයේ හෝ පටිච්චසමුප්පාදයේ ප්‍රශ්න වලට උත්තර හොයන්නට වෙහෙසිය යුතු නැත.ඉන් පසු ඔහු අතට ගත්තේ කාලයක පටන් මහත් ඇල්මකින් කියවමින් සිටී “දියුණුවේ රන් දොරටුව” පොතය. එහි ඔහු වඩාත් ආශා කළේ “අතට ගත්තදේ බිමට වැටුනත් කටට දාගන්නේ කෙසේද? සහ ඔබේ ආශාව අනෙකාගේ ආශාව ලෙස පෙන්වාදී තෘප්තිය වෙත සමීප වන්නේ කෙසේද? යන පරිච්ඡේද වලටය.
අප මේ දකිමින් සිටින්නේ අරවින්දගේ මුලිකත්වයෙන් “දියුණුවේ රන් දොරටුව” පොතේ ඒ පරිච්ඡේද මහ පොලවේ ක්‍රියාවට නැගෙන අපුරුවය. ඒ අනුව අද ඇතැම් සිවිල් බුද්ධිමතුන්ට පක්ෂය මාරය. කාගෙන්වත් විවේචනයක් නැත. ඉස්සර පක්ෂය පෙන්නන්න බැරි අය අද ප්‍රසිද්ධියේ ඊට ජන්දය දෙන බව කියනවාය. කොටින්ම ඕනෑම ධනපතියකු මේ පක්ෂයට බලය ගියොත් මරු කියා කියන්නට දෙපාරක් හිතන්නේ නැත. එනිසා ඔවුන් පොරකමින් පක්ෂයට සහය දෙමින් ඇත.
පසුබිම මෙසේ හෙයින් හෙට දිනයේ පක්ෂයේ පුර්ණකාලීනයන්ට විශ්‍රාම වැටුපක් යෝජනා වී එය ප්‍රසිද්ධියේ සම්මත වුවද ශෝකප්‍රකාශ එවා වැලපෙන්නට හෝ මුණ මාර වාමාංශිකයොනේ කියා පුදුම වෙන්නට දෙයක් නැත. “අප පිණිසා එන මිනිසා”යනු එය අවසන් කරන්නාය. එනිසා අවශ්‍ය වනුයේ පවු නොකර දේශපාලනය කර ජීවිතය ජයගන්න පක්ෂයේ පුර්ණ කාලීනයකුවීමට අයදුම් කිරීමය.
Advertisements
Comments
  1. Ajith Dharma says:

    අරවින්ද කියන්නේ අනුර කුමරටද ? සෝමවංශ මේ ඔක්කොම නස්පැත්ති කරන කල් කුමාර් මහත්තයල හෙම හිටියේ කොහෙද?

    Like

    • ඔව්. ඔයා මතුකරන කාරණය හරි. නමුත් සෝමවංශ කියනවා නේද කුමාර් කියලා කෙනෙක් ගැන දන්නෙත් නෑ කියලා

      Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s