Archive for July, 2015

JVP

වමේ දේශපාලනය යනු ධනපති ආණ්ඩුවල හෝ සභාග වල පරිප්පු වල කළු ඇට ඇහිඳින, රම්පෙ කරපිංචා නටු ඇහිඳින එක නොව පන්තිය වෙනුවෙන් බලය අත්පත් කර ගැනීම බව රටට මෙන්ම එතෙක් පැවති වමට ද දැනෙන්න කියා දුන්නේ විජේවීර ය. ඒ වෙනුවෙන් වන අරගලය සන්නද්ධ නැගිටීමක සිට මැතිවරණ ක්‍රියාවලිය දක්වා අදාළ බව ඔහු ගොඩනැගූ ව්‍යාපාරය සමග එක්ව වචන වලින් නොව භෞතික යතාර්තයක් තුළ ඔප්පු කළේය.
විජේවීරගෙන් පසුව ඒ සුක්කානම ගත්තේ සෝමවංශය. 1985 වැනි විශේෂ සමයක විජේවීර ලියු “ඊලාම් අරගලයට විසඳුම කුමක්ද?” පොත සෝමවංශට අනුව මාක්ස්-ලෙනින් වාදයේ සාරාංශයය. එතැන් පටන් සෝමවංශ පක්ෂය ගෙන ගියේ පොතේ තියනවා කියා ඔහු සිතූ අසිරිමත් පාරකය. මේ පාරේදී සෝමවංශ අපුරු හඳුන්වාදීමක් සිදුකළේය. ඒ “රට සහ විප්ලවය වෙනුවෙන් මාක්ස්වාදීන් පොෂ් ජාතිවාදීන් වන්නේ කෙසේද යන්නය.
(more…)
Advertisements
(බාර් එකේදි මට මාවම හමුවුණ වෙලාවක්)
Communist-Fist
q : අද ජවිපෙ පෝසත් වෙලා වගේ?
a : ඔව්. ජවිපෙ පෝසත්. හැමදාමත් ජවිපෙ දර්ශනයෙන් භාවිතයෙන් දේශපාලනිකව පෝසත්.
q : තව ටිකක් ඒ ගැන පැහැදිලි කරනවානම්?
a : දැන් බලන්න ඉතිහාසය දිහා. අපි 85 කිවුවා ඉන්දියාව අපට බලපෑම් කරනවා කියලා. දවස් කීයද ගියේ, වැඩේ ඇත්ත උනා. අපි කිවුවා උතුරේ ජනතාවට ලොකුම අනතුර තියෙන්නෙ ඒ අය අතුරෙන්මයි කියලා. එදා ප්‍රභාකරන්. අද විද්‍යා තරුණියගේ දුෂණය. ඒ වගේමයි අපි කිවුවා මහින්දව 2005 රජ කරන කොට, රජ කලාට කමක් නැ, ඔටුන්න දාන්න එපා කියලා. නමුත් 2010දි කට්ටිය මහින්දට ඔටුන්න දැම්මා. මොකද උණේ ?
q : මේ වෙලාවේ රටේ තියන දේශපාලන ප්‍රශ්න මොනවද?
a : ලොකුම ප්‍රශ්නය තමයි රටේ බුද්ධිමතුන් පාර්ලි‌‌මේන්තුවට නොයා හොරු යාම. ඒ නිසා අපි මෙවර උපාධිධාරීන් කණ්ඩායම් නායකයන් කරලා , ජාතික ලැයිස්තුවට පවා උගතුන් දාලා තියනවා. හිටපු විගණකාධිපති ඉන්නෙත් අපේ ජාතික ලැයිස්තුවෙ. ඒ විතරක් නෙවෙයි අද වෙනකොට රටේ අල්ලස, දුෂණය, නාස්තිය ඉහවහා ගිහිල්ලා. වැටුප් වැඩිවීම අමතක වෙලා. ධිවරයට, ශිෂ්‍යන්ට, ගුරුවරුන්ට, කම්කරුවන්ට කොච්චර ප්‍රශ්නද ? අට පාස් නැති නඩ වලට පුළුවන්ද මේවට උත්තර හදන්න.
q : අපි ඇහුවේ දේශපාලන ප්‍රශ්න මොනවද කියලා?
a : ඇයි ඒවා දේශපාලන ප්‍රශ්න නෙවෙයිද? රටේ ජනතාව මේ මොලේ කලඳක් නැති අය පාර්ලි‌‌මේන්තුවට යවලා. ඒ අය සාටකයක, සාරියක එල්ලිලා ඔන්චිලි පදිනවා මිසක් ජනතා ප්‍රශ්න විසඳනවද?වැඩිහිටියට විශ්‍රාම වැටුප ගන්න වෙලා තියෙන්නෙත් අල්ලස් දීලා.පොලිසිය තමයි වැඩියෙන්ම නීති කඩන්නෙ. අල්ලස්-දුෂණ වලින් එයාලා අනිත් සේරවම පරද්දලා. මේවා නෙවෙයිද ප්‍රශ්න. මේවට දේශපාලුවන් වග කියන්න ඕන නේද?
q : ඔය දේශපාලන ප්‍රශ්න කියලා කතා කරපුවා දේශපාලන ප්‍රශ්නද?පරිපාලන ප්‍රශ්නද?
a : කොහොම හරි ප්‍රශ්නනේ. ජනතාවට බලපාන ප්‍රශ්න.
q : රට ජාතිවාදයෙන්, ආගමිකත්ව පදනදින් ,බොහෝවිට මුලධාර්ම වාදී ලෙස ආන්තිකරණය වෙලා. උතුරේ ජන්තාවගේ හදවත් තවමත් දකුණ දිනාගෙන නෑ. රට තවමත් ජාතික ගැටලුව විසඳා ගැනීමට අසමත් වීම තුළ රට, ඇතුලත මෙන්ම ජාත්‍යන්තරය හමුවේත් බරපතල අවදානමකට නිරාවරණය ව තිබෙනවා නේද?
a : එහෙම හිතෙනවද? ඒක ඔබේ දැක්ම.
q : ජවිපෙ විප්ලවවාදී දේශපාලනය අත්හැරලා වගේ. අද විප්ලවය පැත්තකින් තියලා ධනවාදයේ මැනේජර් කමට පත්වෙන්න උත්සහ කරන හැඩයක් තියනවා.
a : ජනතාවගේ ප්‍රශ්න කතා කරනවිට අපිව ඔබ ධනවාදයේ මැනේජර්ලා කියලා හඳුන්වනවා නම් එක ඔබේ නිදහස. ඔබේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය. නමුත් අපි විප්ලවය අමතක කරලා නෑ. නිතරම අපි ඒක මතක් කරනවා. විශේෂයෙන්ම පක්ෂය තුළ අපි ඒ පිලිබඳ හොඳ කියවීමක සිටිනවා.
q : ඇයි රටට ඒ ගැන නොකියන්නෙ?
a : වාස්තවික තත්ත්වයන් සලකලා, ඉතිහාසයේ පාඩම් දිහා අපොහකයෙන් බලලා හරියට බර තියලා තමයි අපි දේශපාලනය තෝරන්නෙ. ඔබට නොඇසුනාට අපි විප්ලවය ගැන තමයි කතා කරන්නෙ. ජවිපෙ කියන්නෙ විප්ලව වාදී පක්ෂයක්. අපිට හම්බෙන හැම මොහොතක්ම අපි ඒ වෙනුවෙන් යොදාගන්නවා.
q : විප්ලවවාදී පක්ෂවල ප්‍රචාරක රැළියක් සහ පක්ෂ සමුළුවක් අතර තියන වෙනස මොකක්ද?
a : ඔබ විහිලු කරනවද? අපේ රටට විප්ලවය කියලා දුන්නේ අපි. පුර්ණ කාලින විප්ලවවාදියා නිර්මාණය කළේ අපි. රෝහණ සහෝදරයා අපේ පරණ වමට ඒක ව්‍යවහාරය තුළ ඔප්පු කරලා කියලා දුන්නා. මම ඔබේ ප්‍රශ්නයට මෙහෙම උත්තර දෙන්නම්. අපේ ප්‍රචාරක රැලියට ඔබට එන්න පුළුවන්. නමුත් පක්ෂ සමුළුවට එන්න පුළුවන් සාමාජිකයන්ට විතරයි.
q : ජවිපෙට ජන්දෙ දෙන සාමාජිකයකු නොවෙන කෙනෙකුට බැරිද?
a : මම ප්‍රශ්නයට උත්තර දුන්නා. ඔබට නොතේරුණ එකට කරන්න දෙයක් නෑ .
q : ජවිපෙ මෙවර පක්ෂ සමුළුව රුපවාහිනියේ සජීවීව පෙන්වීම සහ ඔබ අපට දුන්න පිළිතුර අපි තේරුම් ගන්න ඕන කොහොමද? විශේෂයෙන්ම නිර්ධන පංතියේ පක්ෂයේ මහා සමුළුව රාජ්‍ය නාලිකාවක සජීවීව විකාශය කිරීම කියන එක?
a : මං මෙහෙම ඔය ප්‍රශ්නයට පිළිතුරක් දෙන්නම්. ඔබ දැක ඇති ගුවන්යානා යන්නෙ අහසෙ බව දැන දැනත් හැමදාම මිනිස්සු ගුවන් යානා යනකොට අහස දිහා පුදුමෙන් බලලා හරි අහිංසක විදියට පුදුම වෙනවා. අන්න ඒ වගේ පොඩි අහිංසක පුදුමයක් මේ හරහා ගන්න බලන්න. වැඩිය හිතන්න ඕන නෑ. අර මුගලන් හාමුදුරුවන්ට බුදුහාමුදුරුවෝ කිවුවෙ, අන්න ඒ වගේ.